ආණ්ඩුව මහ මැතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය තියනවා
පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බියේ එදා සිට අද දක්වා පසුවන බවත් වර්තමාන ආණ්ඩුව මැතිවරණ වලට බිය නොමැති බවත් කොරෝනා වසංගතය ලොව පුරා වෙලාගත් වසංගතයක් බව පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල මහනගර සභාව මගින් ක්‍රියාත්මක කරන කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය යටතේ නිපදවන කාබනික පොහොර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල නගර මධ්‍යයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය බලය පැවති කාලයේ පවා මැතිවරණ වලට බිය දැක්වූ බවය.
එක්සත් ජාතික පක්ෂයත් මේ වනවිට නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය දෙකට සුනු විසුනු වී හමාර යැයි හෙතෙම පැවසීය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර ගත කිරීමෙ සිද්ධිය පිළිබදව මාධ්‍ය හමුව තැබීමටවත් නිදහසක් නොමැතිව මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාර කරන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළහ.
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ව්‍යාජ රැවුල් කරුවන් රැගෙන විත් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභූත චෝදනා නැගූ බව සජිත් ප්‍රේමදාස වැනි අයෙකු කරන ලද ප්‍රකාශ වලට පිලිතුරක් දීමට තමා වැනි අයෙකු නුසුදුසු බවද හෙතෙම සඳහන් කළේය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කරන එක පරම ශක්තියක් බවත් එය ජනතාව දන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂයේ උදවිය කන්න අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කර ගෙන කොරෝනා සිද්ධිය හුවා දක්වමින් මැතිවරණ කල් දමා ගැනීමේ උත්සාහයක නිරතවන බවද හෙතෙම පැවසීය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ගේ ආරාධනයෙන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම දඹුල්ල සති පොළ භූමියේ නව කාබනික පොහොර අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරනු ලැබූහ.
මෙම අවස්ථාවට දඹුල්ල මහනගර සභාවේ දඹුල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගොවින් ද එක්ව සිටියහ.

popular news
-
Don Saturday, 30 May 2020 08:56 AM
මහා ජනතාවට ඔය මැතිවරණවලින් තඹ දොයිතුවක වැඩක් නෑ. පළාත් සභා කියන්නේ තනිකරම සුදු අලියෙක්. හෙන්ච්චයියලාට පිම්ම්බෙන්න, කඩේයන උන්ගේ උන්ට සහ මුන්ට පිට රටවල රවුම් ගහන්න, ළමයි පිටරට අරින්න ජනතාවගේ මුදල් සූරාකන ක්‍රමයක්.
Reply : 0 2
CYRIL WIMALASENA Saturday, 30 May 2020 01:37 PM
නිදහසේ විදෙස ප්‍රවුර්ති ලේකක්යකු වසයෙන් මගේ අදහස ශ්‍රී ලංකාවට කොහෙත්ම අවශිය නොමැති දේසපාලන ක්‍රමයක් පළාත් සබැ ක්‍රමය: මගේ ඇත දැකීම් අනුව ගෙර්මනියේ ඇති විසල කාර්මික රටකට් මෙම ක්‍රමය හොඳයි.නමුත් ලංකව වැනි රටකට අනවශියයි ප්‍රදාන කරුණු තුනක් මම ඉදිරි පත් කරන්නම් 1 කාර්මික අපනයන අදායමක් නැහැ 2. වාර්ෂික නිෂ්පාදන සක්තිය පළාත් සබැ පරිපලනයටවත් සහෙන්නේ නැත මේ ක්‍රමය බලය රේක ගැනීම සහ පළාත් සබැ සහ ග්‍රාමීය මට්ටමින් බලය වියාප්තියට යොදා ගත ක්‍රමයක් ලංකා රජය අනුගමනය් කරන්නේ. පසුගිය් රජය පළාත් සබැ නොමැතිව ප්‍රදෙසිය ලේකම් වරු විසින් පාලනය ගෙන ගිය විසල දනස්කන්දයක් රජය ඉතුරු කල වාහන නොමිලේ ලබාගන්නයි ඔවුන්ගේ සුකුබෝගී ජීවිත් සඳහා ඔවුන් බලයට එන්න දඟලන්නේ පාර්ලිමේන්තුව නඩත්තුව සඳහා යන වියදම ජනතාවට උසුලන්නා බහ ලංකාවේ ගැහැණු අරාබියේ ගෙවල් වල මෙහෙකාර කමට යවමින් පවුල් විනාස කරමින් උපයන මුදලින් පාර්ලිමේන්තුව නඩත්තු කරන්නේ මේ යට එකම ප්‍රතිකාරය අපේ රටේ අපේ දුක්පත් කමට අනුව ජීවිත රටාව වෙනස් කල යුතුයි ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ නොදියුණු රටක් කර්මන්ත් කෘෂි කර්මය ප්‍රති සත්‍ය 0 අපනයන බෝග නිෂ්පාදන 0 කටද මේ බොරු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

