වත්මන් ආණ්ඩුව ආයෝජනය නැමැති ලේබලය අලවමින් දේශීය සම්පක් විදේශීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 09 වන දිනය සඳහා අද (02දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම වෙනුවට ආණ්ඩුව නිහඬව සිටිමින් මෙම ප්රශ්නය යට ගැසීමට කටයුතු කරන බවට සැකයක් තිබෙන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා,
කොළඹ වරාය අපේ ජාතික ආදායම් උත්පාදනය සඳහා විශේෂ තැනක් තිබෙන වරායක් කියලා මුලු ලෝකයම හඳුන්වනවා. පසුගිය කාල සීමාවේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳ විශාල ප්රශ්නයක් මතු වුනා. ඒ නැගෙනහිර පර්යන්තය වෙනත් ඉන්දියානු සමාගමකට දෙන්න ආණ්ඩුව උත්සහ කිරීම හරහා ඇතිවුණු අර්බුදය ආණ්ඩුව විසඳා ගත්තේ බටහිර පර්යන්තය ඒ ආකාරයෙන්ම ඉන්දියානු සමාගමට දීලා නැගෙනහිර පර්යන්තය නවතා දමා තිබෙනවා. අපේ වරායේ තිබෙන සුවිශේෂීම පර්යන්තයක් තමයි අද 100%ක් ඒක වැඩිදියුණු කරලා නැතිනම් ඒක ගැඹුරු මුහුදක් තිබෙන, විශාල ඉඩකඩක් තිබෙන විශාල නැව් ඇතුලත් කරන්න පුලුවන් එක් පර්යන්තයක් තමයි මේ නැගෙනහිර පර්යන්තය. මේ පර්යන්තය දැනට තව කොටසක් වැඩිදියුණු කරන්න තිබෙනවා. පසුගිය කාලසීමාව තුල මේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ගත් ක්රියාමාර්ග ඒ තරම් සෑහීමකට පත්ෙවන්න පුලුවන් කියලා හිතන්න බැහැ. හේතුව තමයි ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදුවුනා.
අද ආණ්ඩුව මොනදේටත් ඩොලර් හොයා ගැනීම සඳහා ආයෝජනය කියන ලේබලය අලවලා අපේ ඉඩකඩන් විකිණීම, ගොඩනැගිලි විකිණීම සහ වෙනත් ආකාරයෙන් සම්පත් විදේශිකරණය කිරීම හෝ රජය සතුව තිබෙන සම්පත් අපට අහිමි කර ගනිමින් යනවා. හොඳම උදාහරණය තමයි මේ වන විට කොළඹ වරායේ තිබෙන සේවා සැපයුම් සඳහා යොදාගෙන තිබෙ අක්කර 13ක ඉඩම සී.අයි.සී.ටී සමාගමට පවරා දීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ වගේම එක්ස්ප්රස් පර්ල් නැව ගැන අහන්න ඔ්නී. මොකද මේක ආන්දෝලනාත්මක සිද්දියක්. ඒ නැව අපේ මුහුදු සීමාවේදී ගිණිගත්තා. එහිදී විශාල අනතුරුවක් සිදු වුනා. නැවට සිදුවුනු අනතුර විතරක් නෙවෙයි, මුහුදට, වෙරළට, වනජීවීන්ට විශාල හානියක් සිදු වුනා. ඒ දවස් වල දිගින් දිගටම කිව්වා පර්ල් එක්ස්ප්රස් නැවේ මේ ගිණිගැනීම හරමා සිදු වූ පාරසරික හානිය සඳහා සහ පුද්ගලයන්ට සිදු වුනු පාඩුව සඳහා වන්දි ගන්නවා කියලා. එතනින් එහාට ගිහින් කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි පරිසරයට වුනු හානිය ගැන තවමත් වන්දි ගෙවීමක් පිළිබඳ නිෂ්චිත එකඟත්වයක් නෑ. නැව් සමාගම විවිධ යෝජනා කරනවා ඇති. මේක නිහඬව යට යන්න ඇරලා තිබෙනවාද කියලා සැකයක් තිබෙනවා. මේ නැව අපේ මුහුදු තීරයට ගෙනාවේ කවුද? එක්ස්ප්රස් පර්ල් නෞකාව අපේ වරාය ආසන්නයේ තිබෙනවා. ඒක ඉවත් කරන්න ගන්න ක්රියාමාර්ගය මොකක්ද? අපි වරායට තිබෙන අනතුර ගැන හිතන්න ඔ්නී. යනුවේන්ද සඳහන් කළේය.