"මහා නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකවරුන්, පූජක තුමන්ලා, සදාචාරගරුක සංවිධාන, සිවිල් සංවිධාන මධ්‍යසාර ප්‍රවර්ධනය සඳහා රජය ගන්නා වූ කූඨ ව්‍යායාමයට එරෙහිව ඝෘජු ලෙසම නැගී සිටිය යුතුයි.
අුතින් මධ්‍යසාර කර්මාන්තශාලා තුනක් හැදීමට ගන්නා පියවර වහාම නැවැත්විය යුතුයි. මෙයට එරහිව මේ රටේ අමද්‍යප සංවිධාන, සදාචාර සංවිධාන, සියල්ලම එකට එකතු කරගෙන මහා ජන පවුරක් නිර්මාණය කරනවාමයි. මේ රටේ සියලූම දෙනා මේ සඳහා යොමුවිය යුතුයි" යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක දී උන්වහන්සේ මේ බව සඳහනන් කළහ. එහිදී තවදුරටත් අදහස් දැක්වු ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද කීහ.
"බෞද්ධ පංචශීල ප්‍රතිපදාවට අතිශයින් එරෙහි වන්නාවු මේ මධ්‍යසාර නිෂ්පාදනාගාර ප්‍රවර්ධනය කිරීම තුලින් රජය දැන දැන රාජ්‍ය ව්‍යවස්ථාව උල්ළංගණය කරලා තියනවා. රාජ්‍ය ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමේ වරදට මේ රටේ මුදල් අමාත්‍යවරයාත් වගකිව යුතුයි.
එපමණක් නොවේ, මේවන් අදූරදර්ශී දුර්ධාන්ත දුරාචාර අනුමත කරන, කැබිනට් මණ්ඩලයෙන් රටට ඇති වැඩේ මොකක්ද? ජනතාවගේ පරිහානිය ප්රාර්ථනාකරන කැබිනට් මණ්ඩලය දේශද්‍රෝහීන් වට පත් වෙන්නේ නැද්ද? සියලූම කැබිනට් මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගෙන් අපි විමසනවා, ඔබ කොහොමද, මේ මධ්‍යසාර කර්මාන්තශාලා සඳහා අවසර දුන්නේ කියලා.
කිනම් ධර්මයක්, කිනම් දේශපාලන සදාචාරයක් අනුගමනය කරලාද, කිනම් යුක්තියක් පදනම් කරගෙන ද, අවසර දුන්නේ. ඒ නිසා සියු සාදාචාර සංවිධාන, පුද්ගලයන් මෙම යෝජනාවට එරෙහි විය යුතුයි.
සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය වශයෙන් දරිද්‍රතාවට මුහුණපාලා ඉන්න මේ සමාජය තවත් අවුලෙන් අවුලට පත් කරන ඉතාමත්, අදූරදර්ශී යෝජනාවක් මුදල් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මධ්‍යසාර නිපදවීමට අලූතින් කර්මාන්තශාලා තුනකට අවසරය ලබාදීම ඒ යෝජනාවයි.
රටට, ජනතාවට ආදරය කරන පාලකයන්ට නම් මෙවන් අවස්ථාවක මේවගේ තීරණයක් ගන්න හැකියාවක් නෑ. මිනිස්සුන්ට කන්න නෑ, කන්න ගන්න විදියක් නෑ. ආහාර ගිනි ගනං, කුස්සියේ පුපුරා යනවා. ගොවිපලේ පුපුරා යනවා. ගොවිතැනට අදාල මූලික පහසුකම් ටික නෑ.
විදේශ සංචිත නැති කමින් ජනතාවගෙන් ඩොලර් අයදින තත්ත්වයට පත්වෙලා. ලෝකය පුරා දිගින් දිගටම ණය ඉල්ලමින්, රජය යන්තම් ගැටගහගන්න අවස්ථාවේ ආණ්ඩුව හිතනවනම් මධ්‍යසාර නිෂ්පපාදනය කිරීමෙන් කරන්න පුුවන් කියලා ඒක මේ ආණ්ඩුවේ අයගේ අමනෝඥභාවය, මන්ද බුද්ධිකාවය පමණයි හෙළිදරව් වෙන්නේ.
අලූතින් මධ්‍යසාර නිෂ්පාදනාගාර තුනක් යෝජනා කරන ආණ්ඩුව එවන් මධ්‍යසාර නිෂ්පාදනාගාර විසිපහක් පවත්වාගෙන යනවා. ඊට අමතරව පිටරටින් ගෙන්වන මත්ද්‍රව්‍යත් එක්ක මේ රටේ මිනිස්සු බීමත්කමට ඇබ්බැහි වෙලා තියනවා. බේබදුකම වර්ධනය වෙනකොට රටේ ප්‍රශ්න දහසකුත් එකක් වර්ධනය වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.’
‘ජනගහනයට සාපේක්ෂව මධ්‍යසාර නිෂ්පාදනය 55%ක් ප්‍රවර්ධනය වෙලා තියනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. නමුත් ලෝක තත්ත්වය එය වුවත් ශ්‍රීලංකාවේ තත්ත්වය 95%කින් වැඩි වෙලා තියනවා. මේක අතිශයින් කණගාටුදායක ව්‍යවසනකාරී තත්ත්වයක්.
මධ්‍යසාර සහ දුම්වැටි භාවිතය කොරෝනා වෛරසය වඩා වර්ධනය වෙන්න හේතුවක්. එහෙනම් මහජන හිතකාමී රජයක් නම් කළ යුත්තේ මධ්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට උපාය උපක්‍රම යෙදීම මිස එය වර්ධනය කිරිමට පියවර ගැනීම නෙවෙයි."