රට ආර්ථික අර්බුධයක තිබෙන බව නොරහසක් බවත් කොහේවත් නැති ප්‍රශ්න දාගෙන කඩි ගුලකට අතදාගෙන ඉන්නව බව පෙනෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද (31) ඌරගස්මංහන්දිය මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවාය.
එහිදී තව දුරටත් කතා කළ කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
“මම තාම කියනවා අනේ ජනාධිපතිතුමනි ඔබතුමා පොඩ්ඩක් කල්පනා කරලා බලලා පොහොර ප්රශ්නය විසදලා දෙන්න. මොකද මේක හරි ප්‍රශ්නයක් .මම කියන්නේ නම් කොම්පෝස්ට් එහෙම නැත්නම් ස්වාහාවික පොහෝරවලින් රටක් ස්වයංපෝෂනය කරන්න යම්කිසි කාලයක් ඕන.
මේ එකපාරටම කරපු දෙයින් අපරාදේ කියලා හිතෙනවා අපි නිකං හරියට කඩි ගුලක අතදාගෙන වගේ ඉන්නවා.කොහේවත් නැති දෙයක් අරගෙන ඇගේ දාගෙන වගේ ඉන්නවා. ඒක නිසා අපිට මේ වැරද්ද හදා ගන්න පුළුවන් ඒ වැරැද්ද අපි ඉක්මනින්ම හදා ගන්න ඕන.
මිනිස්සුන්ට කන්න දෙන්න ඕන.විශාල සංවර්ධනයක් වෙනවා මේ රටේ. නමුත් ගෑස් කතන්දරේ එනකොට ප්‍රශ්න එනවා. පොහෝර ප්‍රශ්න එනවා ඒවගේ අනවශ්‍ය ප්‍රශ්න ගාගෙන තියෙනවා. ඒවා ටික නැතිවුණානම් මේ සංවර්ධනයත් එක්ක අපිට ඔළුව උස්සන්න පුළුවන් වෙනවා” යයිද කුමාරසිංහ මහත්මිය කීවාය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත