ආණ්ඩුවේ පිල් ගැටුම තෙල් මිලෙන් එළියට
ඛනිජ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පා.ම. නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවට සම්බන්ධ සෙසු හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුදයේ කොටසක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් කීපදෙනෙක් එම පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් නොසලකා හරිමින් පසුගිය කාලයේ දී ක්‍රියා කිරීමත් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ නායකයින් කීපදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මතය අනුව ම ක්‍රියා කිරීමත් තුළ හටගත් අර්බුදය යළි මතු වීමක් ලෙස ද මෙය හැඳින්විය හැකි යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් රැස් වූ ජීවන වියදම් කමිටුව දී තෙල් මිල ඉහළ දැමීමට ගත් තීරණය එම පක්ෂයේම මහ ලේකම්වරයා නොදැන සිටින්නට කිසිදු හේතුවක් නොමැති බව ද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගේ හදිසි ප්‍රකාශය එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන කණ්ඩායම සහ හවුල්කාර පක්ෂ අතර පවතින මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් මිල වැඩි වීමේ පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයාවන උදය ගම්මන්පිල මහතා මත පැටවීමට ගත් උත්සාහයක් ලෙස එම පෙරමුණේ මහ ලේකම්වරයාගේ හදිසි ප්රකාශයෙන හැගවෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසකගේ මෙන්ම සෙසු හවුල්කාර පක්ෂවල ද අදහස වී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා සමීප සගයෙකු වන සාගර කාරියවසම් මහතා පක්ෂයේ අනුදැනුමක් හෝ සභාපතිවරයාගේ අනුදැනුමක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ලෙස සිය පක්ෂයේ මතය ඉදිරිපත් කිරීම විමතියට කරුණක් බවද හවුල්කාර පක්ෂ නියෝජිතයෝ පවසති.
කෙසේ වුවද ජනධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව හා විශේෂ බලතල රැසක් දෙමින් පිහිටුවා ඇති %ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ^ අදහස් පසුගිය කාලයේ දී රටේ ආර්ථිකය සම්බන්ධ ගත් වැදගත් තීරණ හමුවේදී වැදගත් කොට සැලකුණු බව ද පැවසෙයි.
එහෙත් ඛනිජ තෙල් මිල ඉහළ දැමීමේදී මෙම බළකායේ හෝ දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ හෝ අදහස් විමසුවේද යන්න ගැන මෙතෙක් අනාවරණය වී නැත.
උදය ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනෙක් හවුල්කාර පක්ෂ ඊයේ (13දා) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී රැස්වී සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ මතය අද (14දා) දිනයේදී නිලවශයෙන් ප්‍රකාශ වීමට නියමිතය.
මේ අතර අද උදෑසන 10.00ට නෙළුම් මාවත පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පොදුජන එක්සත් පෙරමුණේ මහාල්කම් නීතීඥ සාගර කාරියවසම් සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බවට දැනුම් දී තිබුණද එය ඊයේ (13දා) සන්ධ්‍යාවේදී අවලංගු කරන බව දන්වා තිබිණි.
කෙසේ වුවද පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පා.ම. නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැනගැනීම සඳහා 'අද' අවස්ථා කිහිපයකදීම ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීය.

popular news
-
Deepal Nirosh Monday, 14 June 2021 10:03 AM
පක්ෂයක හෝ ඕනෑම සංවිධාන අස්ථිතියක හෝ ලේකම්වරයා යනු එහි ප්‍රධාන පරිපාලන නිලධාරියායි. ඒ සඳහා පත් කරගත යුත්තෙ අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්. මෙවැනි ලේකම්වරයෙක් මෙවැනි පුළුල් පක්ෂයක ඉන්නවා කියල ජනතාව දැන ගත්තෙ මෙවැනි මාධ්‍ය නිවේදන මගින් පමණමයි. එවුන්ගෙන් මාධ්‍ය නිවෙදන හැරුණු විට වැඩියමක් බලාපොරොත්තු විය නොහැකියි.
Reply : 0 0
L.G.P.Jathunarachchi Tuesday, 15 June 2021 02:00 PM
More political explanations will be displayed for mislead general public at near future !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

