ආණ්ඩුවේ පක්ෂ 8ක් උදය සමගයි
ඉන්ධන මිළ වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පැටවීමට ගත් වෑයම හෙළා දකිනි බව ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් රැස්වුණු ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව මගින් ගත් තීරණයක් බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
තෙල් මිල වැඩිකිරීමේ තීරණය උදය ගම්මන්පිල මහතා මත පටවා ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

popular news
-
Demuni Uduwara Monday, 14 June 2021 07:24 PM
This is a drama!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

