ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුවට ගෑස් පිපිරීමෙන් වර්ථමානයේ මුලුතැන්ගේ ආරක්ෂාවවත් ආරක්ෂා කිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 09 වන දිනය සඳහා අද (02දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මේ පිළිබඳ සෙවීමට කමිටු පත්කර සති 2ක් යනතෙක් බලා සිටිනවා වෙනුවට ජනාධිපිති ගෝඨාභය රාජපක්ෂ මහතා වර්ථමානයේ වෙළදපොලේ තිබෙන අදාල ප්‍රශ්නයට තුඩුදුන් ගෑස් සිලින්ඩර් එකතු කර නැවත ගබඩා වලට ගෙන ඒම සිදු කළ යුතු බවත් එමෙන්ම එස සිලින්ඩර් වෙනුවට විකල්ප ගෑස් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එසේ නොමැතිව සති 2න් පසු අදාල කමිටුවේ වාර්ථාව පැමිණ ක්‍රියාමාර්ග ගැනීමට සිටින්නේ නම් එම කාලය තුල ජනාතාවට සිදු විය යුතු අපහසුතාවන් සියල්ල සිදු වී අවසන් වන බව සඳහන් කළ විජිත හේරත් මහතා,
මේ ගෑස් ගෙන්වීම ගැන ප්රශ්නය ගත්තොත් ඉතා පැහැදිලිව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කිව්වා ගෙනාපු නැව ගොඩබා ගන්න විදියක් නෑ, ඒක පිටුපස මහා වංචා දූෂණ තිබෙනවා, දූෂිත ජාවාරම් කණ්ඩායමක් ඉන්නවා, ඒ නිසා ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා කියලා. මේකේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. කවුරු හරි මාෆියාවක් මෙහෙය වනවා නම්, එය කරන්නේ හිටපු සභාපති වෙන්න පුලුවන්. හිටපු සභාපති අනිල් කොස්වත්ත මහත්මයා දැන් ඉන්නේ රක්ෂණ සංස්ථාවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. දැන් ඉන්න සභාපතිවරයා කියනවා හිටපු සභාපතිවරයාගේ දූෂණ වංචා තිබෙනවා, නීතීඥ ගාස්තු විතරක් කෝටි ගාණක් වියදම් කරලා තිබෙනවා කියලා චෝදනා එල්ල කරනවා. චෝදනා විමර්ශනය කරන මව් ආයතනය වන රක්ශන සංස්ථාව ඊට උඩින් තිබෙන්නේ. ඒ අනුව කවදාවත් මේ පරීක්ෂණ සිදු වෙයිද? වෙන්නේ නෑ.
ඇත්තටම ඔබතුමන්ලා බලයට ආවේ රටේ ජාතික ආරක්ෂාව සපයන්න. අද කුස්සියේ ආරක්ෂාවත් නෑ. ජාතික ආරක්ෂාව සපයන්නේ කොහොමද අද කුස්සියේ ආරක්ෂාව සපයන්න බැරි ආණ්ඩුවකට. අද සෑම ගෙදරකම සල්ලි තියෙන, සල්ලි නැති, දුප්පත්, පෝසත් සෑම ගෙදරකම හැමෝම ඉන්නේ මාරාන්තික බියකින්. මේකට දැනට කරලා තිබෙනවා කමිටුවක් පත් කරලා සති දෙකකින් වාර්ථාවක් ලබා දෙන්න. සති දෙකකින් වාර්ථාව එනකොට කුස්සි වල ගෑස් සිලින්ඩර් පුපුරලා ඉවරයි. ඒ නිසා වහාම ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍යයි. ජනාධිපතිවරයා වහාම නියෝගයක් දෙන්න ඔ්නී මේ මතභේදයට තුඩුදෙන ගෑස් ප්‍රමාණයක් බෙදා හැරලා තිබෙනවා. ඒ ගෑස් සිලින්ඩර් වහාම එකතු කරන්න. ඒ වෙනුවට විකල්ප ගෑස් සිලින්ඩර් ලබා දෙන්න. ඒක තමයි මුලින් කරන්න ඔ්නී. එහෙම කරන්නේ නැතිව මේක ඔහේ ඇදෙන්න දීලා සති දෙකකින් වාර්ථාව ඇවිත්, ඒක ගැන අධ්‍යනය කරලා ක්‍රියාමාර්ග ගන්නකොට වෙන්න ඔ්නී දේ වෙලා ඉවරයි. ඒ නිසා මේකට ක්ෂණික ප්‍රතිචාරයක් අවශ්‍යයි. යනුවෙන්ද සඳහන් කළේය.