වත්මන් ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති විශාල බලය අනුව ආණ්ඩුවට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව දෙන බව සමගි ජන බලවේගයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
“ජනතාව ආණ්ඩුවට ලබාදී ඇති තුනෙන් දෙකකට ආසන්න බලයත් සමග ඔවුන්ගේ කකුළෙන් අදින්න අපි බලාපොරොත්තු වන්නේ නෑ. යම් කාලයක් අපි ලබාදෙන්න කැමතියි ඔවුන්ට වැඩ කරන්න. ඔවුන් හරි පාරේ යනවද නැත්ද කියන එක බලන්න.
මේ බලය අයුතු ලෙස භාවිත කර මේ රට ඒකාධිපතිවාදයකට, හොරකමකට, වංචාවකට, දූෂණයට ඇඳගෙන යනවානම් පළමු දවසේ සිට අපි පාරට බසිනවා. රටට යහපත් වැඩ පිළිවෙළවල් ඉදිරිපත් කරනනාවන් අපි සහාය දෙනවා.”