බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් තමා එම රැදවුම් බාරයෙන් මුදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව පවසා සිටියා .
ඒ අනුව එම විමර්ශන වලට අදාළ උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පීරිස් මහතා පවසා සිටියා .
ඒ අනුව ඉදිරියේ එම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීමේ ඇති හැකියාව නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බව පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියා.
කෙසේවෙතත් පෙත්සම්කරු සම්බන්ධයෙන් මාවනැල්ල බුදුපිළිම කඩා විනාශ කිරීමට අදාළ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා .
ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ජූනි මස 28 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා .