විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට අයත් සමාජ මාධ්‍ය හරහා කොරෝනා මර්දන එන්නත පිළිබඳ තරුණ තරුණියන් අතර අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
එම අසත්‍ය පුවත්වලට හසුවූ තරුණ තරුණියන් පිරිසක් මේ වන විට එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කොරෝනා මර්දන එන්නත ලබා ගන්න ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.