අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස එලෙස චෝදනා ලැබ සිටින විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ සඳහා ඔහුට අද (24) නොතිසි නිකුත් කළේය.
අජිත් ප්‍රසන්න මහතා මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයේ පිටපත් මාධ්‍ය ආයතන මඟින් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කළ විමර්ශනයකින් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එසේ නියම කළේය.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බලෙන් ලබාගත් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමට අදාළව මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නොතිසි නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවීමටද නියම කළේය.
