අවුරුදු 18-20 අතර හැමෝටම සන්නද්ධ පුහුණුව දෙන්න
අවුරුදු 18 දී හෝ 20දී හෝ අතර කාලයේදී මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී අතරලියේ රතන හිමියෝ පැවැසූහ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අද ජාතියේ විනය පිරිහිලා තියෙනවා. අද තරුණයන්ගේ කිසිම පෞරෂයක් නෑ. ජාතියක් වශයෙන් බෙලහීන වෙලා. අඩි 10ක වතුර තියෙන ගඟකට පැන්නොත් ඌ මැරෙනවා. මූදේ නාන්න යන්න බෑ. පොල්ගහකට නැග ගන්න බෑ.
කිසිම වීර්යයක් නැති අධිෂ්ඨානයක් නැති දුර්වල ජාතියක් බවට අද අපේ රට පත්වෙලා තියෙනවා. අපිට 350000ක පාසල් ළමුන් ඉන්නවා. අපිට සන්නද්ධ පුහුණුව ලබා දෙන්න පුළුවන්. එක අවස්ථාවක අපි සරසවි සිසුන් ඒ වෙනුවෙන් යොමු කළා.
අවුරුදු 18 දී හෝ 20 දී අතර කාලය තුළ අවුරුද්දකට හෝ මාස 6කට මේ රටේ මුළු ජාතියම සන්නද්ධ හමුදා පුහුනුවකට යොමු කරන්න. ඒක රටට බලහත්කාරකමක් නෙමෙයි. කැදෙව්වොත් හමුදාවට යන්න ඕන ප්රජාතන්ත්රවාදී රටවල් 28ක් තියෙනවා.”

popular news
-
Rocky Thursday, 24 November 2022 12:16 PM
Hamuuruwantath ekkamada ?
Reply : 0 0
Deepal Nirosh Friday, 25 November 2022 04:14 AM
පැවිදි පුද්ගලයන් පැවිදි දිවියේ වැඩ කටයුතු කළ යුත බව ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර් ලිමේන්තුවේදී පවසා තිබේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

