අවශ්‍යතාවට සරිලන තෙල් තොග සංස්ථාවේ ගබඩාවල හා පිරවුම්හල්වල
හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා ලෙස තෙල් සැපයුම කිසිඳු බධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
අවශ්‍යතාව සරිලන තෙල් තොග සංස්ථාවේ ගබඩාවල හා පිරවුම්වල පවතින බව සඳහන්ය.
ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවේ සිට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ඛණිජ තෙල් ලබා ගැනීමේදී කලබලකාරී ලෙස හෝ පෝලිම්වල රැඳී සිටිමට අවශ්‍යතාවක් නැති බවද සභාපතිවරයා අවධාරණය කරයි.
ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ඉන්ධන සැපයිම සඳහා දිවයිනේ සෑම වසමක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 480ක් විවෘතව පවතී.
ඒ පිළිබඳ තොරතුරු හා දුරකථන අංක සංස්ථාවේ වෙබ් අබවියේ සඳහන් කර ඇති බව දන්වා ඇත.
ඛනිජතෙල් ප්‍රවාහන හෝ බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා සංස්ථාවේ www.petroleumcorporation.lk හො www.cepetco.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

