පුද්ගලයෙකුගෙන් රු.දස දහසක මුදලක් ලබාගැනිමේ චෝදනාවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේදි අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.
මෙම කොස්තාපල්වරයා පැමිණිලිකරුගෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට නොගෙන සිටිමට හා ඔහුගේ මෙමරි කාඩ්පතක් ආපසු ලබාදිම සඳහා අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
