අලුත් ව්‍යවස්ථාව මාස හයකින්
රටට, ජනතාවට යෝග්‍ය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පිටපත මාස හයක් ඇතුලත ඉදිරිපත් කරන බවත් ජනතාව ජනාධිපතිවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළෙත් මහ මැතිවරණයේදි ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අද (3දා) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.
“ප්රජාතන්ත්රවාදි රටක් වශයෙන් ජනතාව වෙනදාටත් වඩා උනන්දුවෙන් මේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව බලාගෙන ඉන්නවා. ඒ පිළිබඳව පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා හිස් මුදුනින් පිලිගන්නවා. අපි හිතනව ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා හිතවාදි තීන්දුවක් දේවි කියලා.
ජනතාවට ගැලපෙන තාවකාලික ව්‍යවස්ථාවක් මුලින්ම හඳුන්වා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. ඊට පසේ මාස හයක් ඇතුළත රටට ජනතාවට ගැලපෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පිටපත ඉදිරිපත් කරනවා.ප්රජාතන්ත්රවාදි ආණ්ඩුවක් විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනයේදි ජනතාව වගේම විපක්ෂය ලබා දෙන හොද යෝජනා ඇතුලත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.කොහොමවුණත් මේ වයවස්ථා සංශෝදනයෙන් රටට ජනතාවට අහිතක් වෙන්නේ නැහැ කියන එක ස්ථීරයි.”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
-
rocky Sunday, 04 October 2020 07:13 AM
janaadhipathithuma ge kata wachanaya neethiya nam mona ehekatada aluth wyawasthaawak hadanne? e arath oya gasat mudranaya karalaa dawas keepen ewaa kansal koranawa wage sathi pathaa wyawasthaawal gahanna hitiyoth ekatath karthuru mandalayak ona wewi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

