අලුත්ගම වෙළෙඳ සැල් හතරක් වසා දැමේ
අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17) සඳහන් කරයි.
වෙළඳසැල් හතරක් සහ රේස්බුකියක මෙලෙස කොරෝනා ආසාදිත පුද්ගලයන් පස් දෙනකු හමුවීමත් සමඟ හඳුනාගත් ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කර එම වෙළෙඳ සැල්වල සේවය කළ සේවකයින් දහදෙනකු ස්වයං නිරෝධායනට ලක්කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙයට පෙරද අලුත්ගම නගරයේ වෙළඳසැල් පහක පුද්ගලයන් පස්දෙනෙකු කොවිඩ් 19 ආසාදිත වීමෙන් වෙළඳ සැල් වසා දමා අවට විසබීජහරණය කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ වන විට අලුත්ම පොලිස් වසම තුළ පමණක් කොරෝනා රෝගීන් අනූ තුන් දෙනකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් තිස් දෙනෙකු සුවය ලබා ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානයේ කොවිඩ් 19 පැතිරීයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
