අරුවක්කාලු කසල අංගණයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසල රැගෙන එම ගැන තමන් දැඩි විරෝධය පාන බව වනාතවිල්ලුව ප්රදේශීය සභාවේ සභාපති එම්.එම් .සමන්ත මුණසිංහ මහතා පවසයි.
සභාපතිවරයා පවසන්නේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය මගින් අරුවක්කාලුව කසල අංගණය බව පවසමින් සේරක්කුලියේ ඉදි කරමින් පවතින මෙම කසල අංගණයට දිගින් දිගටම සියලුම දෙනා විරෝධය මතුකරමින් සිටියදි එය නවතා නොදමා මේ වන විට එහි වැඩ කටයුතු පවා අවසන් කර නොමැති අවස්ථාවේ පිට පළාත් වල සිට රහසින් කසල ගෙනවිත් දැමිම සිදුවන්නේ කසල රදවනයක සියලුම නීතිරිති සහ අණ පනත් උල්ලංඝණය කරමින් බවත් එසේම අදාළ කසල අංගණයේ ඉදිකිරිම් කටයුතු කිසිදු ප්රමිතියකින් තොරව ඉදිවන බවද ඔහු චෝදනා කරති .
අරුවක්කාලු කසල අංගනයට කුලියාපිටිය නගර සභාවේ සිට ප්රථම වරට 26 දින කසල පිරවු ටිපර් රථයක් පැමින තිබු අවස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එය කසල අංගනයට රැගෙන යාමට විරෝධය පෑම නිසා පසුව වනාතවිල්ලුව පොලිසිය මැදිහත්වි කසල ටිපර් රථය පොලිස් ආරක්ෂාව යටතේ කසල අංගනය වෙත රැගෙන ගොස් තිබු බව කියයි.
එසේ රැගෙන ගිය කසල තොගය ඉදිකරමින් පවතින අංගනයේ දමා ගොස් තිබු බවද කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි වනාතවිල්ලුව ප්රාදේශීය සභා මන්ත්රි ( පොදුජන පෙරමුණ ) බුද්ධික ගිහාන් මහතා පවසා සිටියේ
“ මේ වනවිට අපි විරෝධය නගමින් චෝදනා කරපු එවා ඔප්පු වෙමින් පවතිනවා . මොකද කසල අංගණයේ කටයුතු තවමත් අවසන් නොමැති අවස්ථාවක පිට පළාත් වලින් කසල රැගෙන එම බරපතළ ප්රශ්නයක් . අනික එසේ රැගෙන ආ කසල වල පොලිතින් ඇතුළු දිරන නොදිර සියල්ලම එකට අරන් ඇවිත් තිබුනේ. මෙය අපි නගපු චෝදනා සනාථ කර තිබෙනවා.
සභාපතිතුමා එයට විරෝධය පෑම නිසා එම කසල තොගය පස් දමා වසා තිබෙනවා .මෙයද කසල ප්රතිචක්රියකරණය කියලා අපි ප්රශ්න කරනවා . බලධාරින්ට අපේ ජීවිත මිනිසුන්ගේ ජීවිත හා මේ පරිසරය ගැන තුට්ටුවකවත් අවධානයක් නැති බව තමයි අපිට දැන් පෙනෙන්නේ . මේ ආකාරයට කසල රැගෙන එම සිදුවුහොත් ඒ සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ . නිත්යනුකූලම අපි කටයුතු කරනවා යැයි ඔහු පැවසිය.
පුත්තලම - හිරාන් ප්රියංකර
