මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයෙන් පසු අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම රටේ ජනතාව මේ අවස්ථාවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත තබා ඇති විශ්වාසය එලෙසම පවත්වා ගන්නා ලෙසත් මෙරටේ ජනතාවට අතීතයේදී ජනතා සහන ලබා දුන්නා සේම ඉදිරියේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනතා සහන ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදි අදහස් පල කරමින් සඳහන් කලේය.
තවද කෘෂිකර්මාන්තය පිළිබඳව නැවත නැවත කතා කිරීම නිෂ්පල කරුණක් බවත් එහිදි ගත් තීන්දු නිවැරදි නොවන නිසාවෙන් මේ වන විට රටේ ආහාර හිඟයක් පවා ඇති වීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරනුයේ කෘෂිකර්මාන්තය පිලිබඳව ගත් තීන්දු ලැජ්ජා නොවී නැවත ආපස්සට ගැනීමට කටයුතු කරමින් නිවැරදි දේ සිදුකල යුතු බවයි.