අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනිමේ තිරණය ඉදිරි දින දෙක තුළදි
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුවේදි අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ තමන් විසින් නීතිපතිවරයාගෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.
” අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව යාවත්කාලීන වීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. නීතිපතිවරයාගේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු අදාළ තොරතුරු කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා” යැයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
popular news
-
Kumar Wednesday, 02 December 2020 09:59 PM
Unless there is an extradition treaty with Singapore for financial crimes this will never happen. If there is so much evidence they can try him in absentia. Otherwise government is putting a show for the ignorant locals.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

