අර්ජුනගේ නමින් ප්‍රේක්ෂකාගාරයක් නම් කිරීමට බාලගිරි දෝෂය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුවිශේෂී ක්‍රීඩකයින් පස්දෙනෙකුගේ නමින් ඔවුන් ඉපදුනු ප්‍රදේශවලට අයත් ජාත්‍යන්තර ක්‍රීඩාංගනවල ප්රේක්ෂකාගාර නම් කිරීමට යෝජනා කර තිබුණි.
මෙලෙස යෝජනා වූ ක්‍රීඩකයින් වන්නේ අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාරයි.
ඒ අනුව අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නම්වලින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්රේක්ෂකාගාර 02ක්ද, (Stands) මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරගේ නම්වලින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්රේක්ෂකාගාර 02ක්ද නම් කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීමේදී ප්රමුඛ කාර්යභාරයක් සිදු කළ හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කුමන ක්‍රීඩාංගණයක, කුමන ප්‍රේක්ෂකාගාරය නම් කරන්නේද යන්න පිළිබඳ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.
මීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.

popular news
-
Champa Thursday, 26 December 2019 03:14 PM
වහල් ආණ්ඩුව තියෙන කාලේ කිව්වනේ මහින්දගේ නම මහින්ද හදපු වරායටයි ගුවන් තොටුපොලටයි දාපු එක වැරදියි කියල. දැන් මේ ක්‍රිකට් මහත්වරු නම දාන්න කැමති වෙලා දඟලන ප්‍රේක්ෂාගාර හැදුවේ ඒ ගොල්ලන්ගේ සල්ලි වලින්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

