අරක්කු ෆැක්ටරි ඇමතිලගේ - වයින් ස්ටොර්ස් මන්ත්‍රීලගේ
වයින් ස්ටොර්ස් විවෘත කිරීමට අවසර දුන් කිසිවෙක් නොමැති බවත් අරක්කු කර්මාන්ත ශාලා හිමි ඇමතිවරුන්ට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එසේම වයින් ස්ටෝර්ස් හිමි මන්ත්‍රීවරුන්ට බවත් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවැසීය.
“බාර් අරින්න කියපු කෙනෙක් නෑ. අරක්කු ෆැක්ටරි අයිති ඇමතිලට. බාර් ගොඩක් අයිති මන්ත්‍රීලට. ඒ අයගේ බිස්නස් ගොඩක් වැටිලා තියෙන්නේ.
ඒ වගේම ආණ්ඩුව දිගින් දිගටම කිව්වා මේ බාර් වැසීම නිසා වූ පාඩුව. මට මතකයි මිට කලින් කිව්වා කෝටි 1500ක් ආණ්ඩුවේ ආදායම අහිමිවෙලා තියෙනවා කියලා.
බැසිල් රාජපක්ෂ මහත්තයත් කිව්වා සුරාබදු අහිමිවීම ආණ්ඩුවට විශාල බරක් වෙලා තිබෙනවා කියලා. එක පැත්තකින් ආණ්ඩුවට සල්ලි ඕන වෙන්න ඇති අනිත් පැත්තෙන් ආණ්ඩුවේ කට්ටියට ව්‍යාපාරය ඕන වෙන්න ඇති.
මේ දෙකේ එකතුවකින් තමයි බාර් ඇරෙන්න ඇත්තේ කියලා මම හිතන්නේ. ඒ අයගේ ප්‍රමුඛතාව අනුව තමයි මේවා වෙන්නේ.”

popular news
-
lelwala Monday, 20 September 2021 02:09 AM
who knows he is the owner of another business?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

