අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ 121 දෙනෙකු පිඩාවට
බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මධ්‍යම පළාතේ පවුල් 35 කට අයත් පුද්ගලයින් 121 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
පසුගිය 02 වන සහ 03 වන දිනවල දිවයිනට ඇති වූ මෙම බුරවි සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම පළාතටද බලපෑම් ඇති වූ අතර එම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයක පවුල් 13ක පුද්ගලයින් 48 දෙනෙකුද, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 22 කට අයත් පුද්ගලයින් 73 දෙනෙකුද පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තවදුරටත් කියයි.
මෙයට අමතරව නිවාස 35 කට අර්ධ හානිද සිදුව ඇති බවත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මොහොමඩ් ආසික්
popular news
-
faizal Friday, 04 December 2020 04:56 PM
අද පත්තරය ඛොහොම හොද පත්තරයක් අපි අගය කරනවා සමග අපි ස්තතුති කරනවා පලමූව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

