අයවැය හිඟය පියවන්න වත්කම් විකුණන්නත් වෙනවා
අය වැය හිගය පියවා ගැනීම සිදු කළ හැක්කේ විදේශ රටකින් ණය ගැනීම, ආදාර සහ තිබෙන වත්කම් හෝ දේපල විකුණා දැමීමෙන් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (08දා) පැවති විවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"කවුරු ආණ්ඩු කළත් මේ අයවැය හිගය පියව ගන්න වෙන්නේ කෙසේද? එකක් දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමෙන්. ඒ වගේම විදේශ ආධාර. රාජ්‍ය මූල්‍ය උපකරණ ලබාගෙන තමයි ඕනම අයවැය පරතයක් පියව ගන්න වෙන්නේ.
මේක ගෙදරක වුණත් ආදායම ලක්ෂය නම්, අපි වියදම දරනවා නම් එක්ලක්ෂ පනස් දහසක් මාසයකට පනස් දහසක හිගයක් ඇති වෙනවා. ඒ අනුව ඒ ගෙදර අයට කරන්න වෙන්නේ කාගෙන් හරි ආධාරයක් ඉල්ල ගන්නවා. නැත්තන් ණයක් ගන්නවා. එහෙමත් නැති නම් තිබෙන වත්කමක් දේපලක් විකුණනවා.
රජයට වුණත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න තිබෙන්නේ ඒ ක්‍රමයට විතරයි. ඒ නිසා සෑම වර්ෂයකදීම අපි ලබා ගන්න ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ආර්ථිකයක් කළමණාකරණය කිරීමේදී ඇති වන මහා දැවැන්ත මූල්‍ය කළමණාකරන ගැටලුව තුළ රජයේ ආධායම විශාල ලෙස අඩු වී තිබෙනවා.
පසුගිය රාජ්‍ය සමයේදී විශාල ලෙස බදු දඩයමක් කළා. බදු ගෙවාගන්න බැරිව කර්මාන්ත ව්‍යාපාර සියල්ල කඩාගෙන වැටෙනකොට තමයි බදු සහන පැකේජයක් දෙන්නේ. ණය සහන පැකේජයක් දීලා තිබෙන්නේ. පොලී සහන පැකේජයක් දීලා තිබෙන්නේ.
ඉතා අමාරු මුදල් තත්වටක් තමයි කළමනාකරණය කරන්නේ කියලා අපි සියලු දෙනා මේ කිසිදු මුදලක් ජනාධිපතිවරයා මිරිහානෙන් ගේන්නේවත් අගමැති සහ මුදල් ඇමතිවරයා මැදමුලනෙන් ගේන්නේවත් වෙන කවුරුවත් පුද්ගලිකව තිබෙන මුදලක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තිබෙන්නේ.”

popular news
-
Don Tuesday, 08 June 2021 09:10 PM
Have they this before coming to power ? bastards !.
Reply : 0 0
Kumar Tuesday, 08 June 2021 09:29 PM
I thought these politicians were accusing the previous regime of selling government assets to bridge the budget deficit and they are doing the same. About time they got rid of some white elephants.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 08 June 2021 10:44 PM
Our wealth is at Mirihana
Reply : 0 0
Demuni Uduwara Wednesday, 09 June 2021 02:29 AM
Ask Mirihane President why did reduce tax once he came into power?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

