අපි හදපු යාත්‍රා
කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.
ඒ අනුව කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ඩී.වී. අබේසිංහ මහතා සහ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා විසින් අදාළ යාත්‍රා පවරා දීමේ ලේඛණයන්ට අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට එක් වෙමින් වරාය , නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මෙම නියමු යාත්‍රා නිෂ්පාදනය සදහා ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියක් යටතේ කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් අවස්ථාව උදා කර ගත් බවයි.
ඒ අනුව ඩොලර් මිලියන 3.1ක පිරිවැයක් දරමින් කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම වෙත ටෙන්ඩරය ලබා ගැනීමට හැකිවූ බව හෙතෙම පැවසීය.
මෙම නියමු යාත්‍රා ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ඇති අතර එහි වරකට නියමුවන් 04ක් හා නැවියන් 04 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව ඇත.
ඡායාරූප- ඉසුරු පෙරේරා









popular news
-
yahapala Tuesday, 24 December 2019 05:39 PM
මේක එළවලු පොල් හාල් ගම්මිරිස් තුනපහ කසල තේ bඅදින්න පුළුවන් එකක්ද
Reply : 0 0
Champa Tuesday, 24 December 2019 09:19 PM
මගේ සුබ පැතුම් කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමට. ආඩම්බරයි අපේ දෙයක් දැක්කහම. මේකේ වේගය කීයද? කොච්චර කල් ගියාද හදන්න?
Reply : 0 0
dambane api Wednesday, 25 December 2019 09:28 AM
සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියන්න අකුරු සාස්තරේ උගෙන ඉන්න ඕනිනේ අප්පෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

