අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන මැකොස තීරණය
අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් එයට අදාළ නීතිමය තත්ත්වය අධ්‍යනය කර තීරණයක් ගන්නා තුරු එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කිසිඳු තැනැත්කෙතුගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ විමලතිස්ස හිමියන් තමන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්හ. කෙසේ වෙතත් පකෂයේ සභාපති සමන් පෙරේරා යන අය විමතිස්ස හිමියන් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවත් ඒ වෙනුවනට නිශාන්ත රත්නායක මහතා ලෙකම් ලෙස පත්කළ බවත් දැනුම් දෙමින් මැතිවරණ කොමිෂන් සභාවට තවත් ලිපියක් යොමුකර තිබේ.
එම නිශාන්ත රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ පක්ෂයේ මන්ත්‍රීධුරය සඳහා සමන් පෙරේරාගේ නම යෝජනා කර ඇති බවයි.
popular news
-
Demuni Uduwara Tuesday, 11 August 2020 11:55 PM
Is this fight in order to serve the people?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

