තමන්ගේ මාතලේ කතාව පිළිබඳව විවිධ අදහස් පළ කරන බවත් මාතලේදී තමන් පෙන්වූයේ තමන්ටද සැරට කථා කළ හැකි බව යැයිද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
"මාතලේදී මම කරපු කථාවට ඇතැම් අය කථා කරලා කිව්වේ ටොපේ ටොප් කියලා. තවත් අය කිව්වා කථාව ටිකක් සැර වැඩියි කියලා. මම කථාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කථා කරන්න පුළුවන් කියලා පෙන්නන්න. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා අපිට සැරට කථා කරන්න බෑ කියලා.
සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා, දිනලා, ජනාධිපතිත්වෙලා ඉවරයි. දැන් සමහර අයට බලය තියෙනවා කියලා උඩින් යන ගතියක් ඇවිල්ලා. ජනතාව දැන් ඉන්න තත්ත්වය අනුව ඊළඟ අවස්ථාවේ රැවටිලා ඡන්දේ දෙයිද කියලා විශ්වාසයක් නෑ. මොන අඩුපාඩු තිබුණත් ඡන්දෙ කාලෙට සල්ලි දීලා, කන්න දීලා බෙදන්න තියෙන ඔක්කොම දෙයි.
හැබැයි ඉතින් බෙදන්න තියෙන ඔක්කොම බෙදලත් 2015 මම දිනුවේ ඇල් වතුරවත් දෙන්නේ නැතිව.එහෙම ජනතාව තීන්දු ගත්ත වෙලාවල් තියෙනවා.බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සේ තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් දූෂණය නිසා එළියට දැම්මේ මමයි කියන එක මතක් කරන්න ඕන. අර කොළඹ පැත්තේ මහත්තයා. තවත් නඩු තියෙනවා.
ආර්ථික අර්බුදය, ඩොලර් අර්බුදය කොහොමද විසදගන්න්. අපේ බැසිල් උන්නහේ නම් බියගම ෆැක්ටේරියේ එක දිගට සලලි අච්චු ගහනවා. රුපියල් අච්චුගහලා එළියට දාන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇතිවන ආර්ථික අර්බුදය වෙනම කථාවක්.
ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා මැතිණිය, මහින්ද රාජපක්ෂ මහත්තයලා ඔය ඔක්කොම විදේශ වත්කම්, ඩොලර් කිසිම මූල්‍ය විනයක් නැතිව විනාශ කළේ. මගේ කාලයෙත් මමත් පොඩි කොටස් කාරයෙක් ඒකට. මොකද ඒක මගේ අතේ නෙමෙයි තිබුණේ. අනිත් පාර්ශ්වයේ. "
