කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මතුගම, යටදොලවත්ත සහ සෙන්-පීටර්ස්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන “දොඩංගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ“ යන අයගේ සමීපතමයෙකු බව සඳහන් වේ.
