අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයකට අනුමැතිය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ භාණ්ඩ අපනයනය සඳහා අදාළ වන සෙස් බදු සංශෝධනයක් ඇතුළත් නියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය ඊයේ ( 01 ) පළ විය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන මෙම නියෝගය වෙළඳ අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 2021 ජනවාරි 21 වනිදා පළකර තිබුණි.
1972 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ 14 ( 1 ) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලද අංක 2210/9 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් අපනයනය සඳහා අදාල වන සෙස් බදු සංශෝධනයන් දක්වා තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ ( 01 ) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙලෙස මේ සඳහා එකඟතාවය හිමි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නලීන් ප්‍රනාන්දු සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුන් ද සහභාගී වූහ.
මේ අනුව ඉදිරි දිනකදී මෙම නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

