අනුරගේ අතට යුගදනවි ගිවිසුම ආපු හැටි ආණ්ඩුව දන්නවලු
වත්මන් රජය යුගදනවි ගිවිසුම සඟවා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවත් අදාල ගිවිසුම අනුර කුමාර දිසානායක මහතා සභාගත කිරීමට පෙර ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
යුගදනවි ගිවිසුම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(10දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඒ පිළිබඳව කාරක සභා විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම ගිවිසුම අනුර කුමාර දිසානායක මහතාට ලැබුනේ කෙසේද යන්න ආණ්ඩුව දැනුවත් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
අද නිව් ෆෝට්රස් එනර්ජි ගිවිසුම ගැන කතා කළා. ඔබතුමා(අනුර කුමාර දිසානායක) ගිවිසුම සභාගත කළා. ඒත් මේ වන විට අපි අධිකරණයට ඒ ගිවිසුම රජය ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබතුමාට ගිවිසුම ලැබුනේ කොහොමද කියන කාරණයත් අපි දන්නවා. ඒ නිසා අපිට මෙතන හංගන්න දේවල් නෑ. අපිට හංග හංග ගහන්න ඔ්නී කමක් නෑ. අපි විවෘතයි. මම ඔබතුමාගෙන් අහනවා රජයක් හැටියට මේ අවුරුද්දක කාලය ඇතුලත ඔබතුමන්ලා 27/2 යටතේ මතු කළ කාරණා වලදී මොන කාරණයටද උත්තර දීලා නැත්තේ? සෑම කාරණාවකටම රජය උත්තර දීලා තිබෙනවා. ඒ නිසා අපිට මේ එක එක කාරණා වලදි සගවලා කටයුතු කරන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ කියන එක කියන්න ඔ්නී.
යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Friday, 10 December 2021 11:09 PM
Mr. State Minister, why did You intentionally delay to present this controversial pact to the legislature ? It's learnt that the same treaty has not been read by the Cabinet too!
Reply : 0 132
Don Saturday, 11 December 2021 05:05 AM
Fraud from top to bottom. Public cannot expect any responsibility or accountability.
Reply : 0 56
කැලිස්ටා Tuesday, 14 December 2021 08:00 AM
පාර්ලිමේන්තුවේ සභාගත කල යුගදනා බලාගාරයේ ගිවිසුම අනුරට ආපු හැටි නෙමේ බූරුවෝ වැදගත් උබල හංගපු මේ කූට විකිණීම හෙලිකල එකයි අද වැදගත් ආන්ඩුව රෑ 12 හට අත්සන්කල ඒ ලියවිල්ලහොරු ඉදිරිපත් කලාද නෑ අද මේ තුප්පහි කැබිනට් එක ගූ හත්පොලේ ගාගෙන
Reply : 0 0
කැලිස්ටා Tuesday, 14 December 2021 08:23 AM
ආන්ඩුවට තරු පෙනිලා වහන් හිටපු ගිවිසුම හෙලි වීම අර රට විකුණන එකට කෑගහපු ඝණගෙ ගෙඩි සිවුර නැතිව පන්සලේ ඉන්නේ රට විනාශ කලේ ම ඔය හොර ඝණයෝ බුදුදහම විකුණා කණ හොර සිවුරු මහා මෝඩයෝ නූගත් චීවරයෝ අද රට අවසන් හුස්ම හෙලාඇත දැන් මුලු රටට පාන් ශකූලේ දීපියව්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

