අන්තර්ජාල වීඩියෝ ක්රීඩාජාල වෙත සයිබර් ප්‍රහාරයක්
සෝනි ප්ලේස්ටේෂන් ජාලය පසුගිය ඉරිදා සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති අතර, එය අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සේවා වෙත එල්ල කෙරුණු ප්‍රහාර මාලාවක එක් අවස්ථාවක් විය.
මයික්‍රොසොෆ්ට් එක්ස්බොක්ස් ලයිව්, බ්ලිසර්ඩ්ස් බැට්ල් නෙට් සහ ග්‍රයින්ඩින්ග් ගියර් ගේම්ස් යන විඩියෝ ක්‍රීඩා සේවාවන්ද මේ ආකාරයෙන්ම සති අන්තයේදී සයිබර් ප්රහාරයන්ට නතුව තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය සිදුවන අතරතුරදීම සෝනි විධායක නිලධාරීවරයෙක් ගමන්කළ ගුවන් යානයකට එල්ල කෙරෙන බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ තැති ගැන්මක්ද අන්තර්ජාලය හරහා ඇති කළේය.
එම සෝනි විධායක නිලධාරීවරයා ගමන් කළ අමෙරිකානු ගුවන් සේවයට අයත් යානය මෙම පුවතත් සමග යළි හරවා ගොඩබැස්වීමට කටයුතු කර තිබුණු බවද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඒ අනුව, මෙම සයිබර් ප්‍රහාර පටුපස ජිහාඩ් අන්තවාදීන් ක්‍රියාත්මක වන බව එහි වගකීම භාරගනිමින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයකින් කියවී තිබුණු බවද පෙන්වා දෙයි.
එහි සඳහන් වී ඇත්තේ 'ඉස්ලාම් රාජ්‍යය වෙත බෝම්බ හෙලීම නතර කරන තුරු මුස්ලිම් නොවන්නන් වීඩියෝ ක්‍රීඩා නොකරන්න' යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

