අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 අත්අඩංගුවට
පොලීසියට ලද තොරතුරක් මත මැදගම පොලිස් වසමේ කොටබෝව-තැම්පාන අලුත්වෙල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 මොනරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැව කැපීම සම්බන්ධයෙන් අලුත්වෙල ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
තේක්ක ගස් දහයකට කැපුම් අවසර ලබාගෙන ඒ අවට තිබූ ඉඩම් වලින් තේක්ක ගස් කපා ප්රවාහනය කිරීමට සූදානම් කැර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දැව ජාවාරම්කරුවන් මෙලෙස නීති විරෝධී ලෙස දැව කැපීම සිදුකරන බවට පොලීසියට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදුකැර ඇත.
කපන ලද තේක්ක ගස් වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන අතර දැව තොගය රාජ්ය දැව සංස්ථාව භාරදීමට කටයුතු යොදා ඇති අතර සැකකරුවන් බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මැදගම පොලීසියට භාරදී ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

