අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ ප්රහාරයට වසර10ක සිරදඩුවම්
ගුවන් යානා 16කට අර්ධ හා පූර්ණ හානි කරමින් රුපියල් කෝටී හාර සීයකට අධික අලාභයක් සිදුකරමින්, ආරක්ෂක අංශ සමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් යුධ සමයේදී අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කදවුරට ගුවනින් හා ගොඩබිමින් දැවැන්ත ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධවූ එල්.ටී.ටී.ඊ.ත්රස්ත සංවිධානයේ හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙකු, චෝදනා දෙකට වරද පිළිගැනීමෙන් අනුව දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දහයක සිරදඩුවමක් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (16දා) නියම කළේය.
මෙසේ සිර දඩුවම් නියමවූයේ කුලන්කඩි වීදිය, වැව පාර, සංගාතෙයි, යාපනය ලිපිනයේ පදිංචි පුරුසෝත්තමන් අරවින්දන් නොහොත් සෙම්පරදී හා මයිලඩි, උතුර කන්කසන්තුරේ, ලිපිනයේ පදිංචි රාසවල්ලවන් තබෝරූබන් නොහොත් කඩල්වෙන්ගෙයි යන චූදිතයන්ටයි.
අනුරාධපුර ගුවන් හමුදා මූලික කදවුරට පහරදීම සදහා සදහා වර්ෂ 2006 නොවැම්බර් මස 01 වනදා සිට 2007 වසරේ ඔක්තොම්බර් මස 22 වනදා දක්වා රාජ්ය විරෝධි කුමන්ත්රණයක නිරතවීම හා ගුවනින් හා ගොඩබිමින් පහරදී ගුවන් යාන රැසකට අලාභ හානී සිදුකර ආරක්ෂක අංශ සමාජිකයන් පිරිසක් මරණයට පත්කිරීම යන අධි චෝදනාවන්ට විත්තිකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබූහ.
චෝදනා දෙකට, වසර පහ බැගින් බරපතල සිරදඩුවම් නියමකල විනිසුරුවරයා එම සිරදඩුවම් වසර පහකින් එකවර ගෙවීයන ලෙස නියම කරන බව විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.
වර්ෂ 2007 ඔක්තොම්බර් මස 21 වන දින හෝ ඊට ආසන්න දිනකදී එල්.ටී.ඊ ත්රස්ත සංවිධානයේ සමාජිකයන් 24 නෙකුට ආසන්න පිරිසක් අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කදවුරට ගුවනින් හා ගොඩ බිමින් එල්ලකල දැවැන්ත ප්රාහාරයෙන් කදවුරේ නවතා තිබූ රුපියල් කෝටි 400ක් පමණ වටිනා ශ්රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දහයක් සම්පූර්ණයෙන්ම විනාශ කර, තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර, ආරක්ෂක අංශ සාමාජිකයින් (14)දෙනෙකු ඝාතනය කර තිබුණි.
ත්රස්ත ප්රහාරයෙන් ප්රහාරක එම්.අයි 24 වර්ගයේ හෙලිකොප්ටර්, බෙල් 12 දොළහා වර්ගයේ හෙලිකොප්ටර්, ප්රහාරක ගුවන් යානා, පුහුණු ගුවන් යාන 10 ක් විනාශවී තිබූ අතර තවත් ගුවන් යානා හයක්, ප්රහාර වලින් අර්ධ වශයෙන් හානී සිදුවි තිබුණි.

popular news
-
sameera Thursday, 17 January 2019 12:24 PM
අපි මේ තීන්දුව සාදාරන නැ කියල කියන්නේ. මෙතරම් විශාල හානියක් කල මේ ත්රස්තයෝන්ට වසර 10ක් මදි. මරණ දණ්ඩනය තම වඩාත් සුදුසු. මෙවැනි තීන්දු ගැන අපිට අදහගතනොහැකිය .
Reply : 0 0
Champa Thursday, 17 January 2019 01:41 PM
හොඳයි වැඩේ. ත්රස්තවාදියාට අවුරුදු 5යි. රුපියල් 3000ක් අල්ලස් ගත්ත පොලිස් කාරයාට අවුරුදු 8යි. උසාවියට අපහස කරා කියපු ඥානසාර හාමුදුරුවන්ට අවුරුදු 19ක් නියම කරලා අවුරුදු 6ක් ඉන්න කිව්වා. රටක ගුවන් හමුදාවේ ප්රධානම ගුවන් කඳවුරක් විනාශ කරපු ත්රස්තවාදීන්ට අවුරුදු 5යි. අදටත් LTTE කාරයෝ මහා ඉහලින් කතා කරන අනුරාධපුරේ ගුවන් හමුදා කඳවුරේ ප්රහාරයෙන් 14ක් මැරිලා තියෙනව. හමුදාවේ 8ක් සහ ගුවන් හමුදාවේ 2ක් එක්ක. වටිනා ගුවන් යාන 8 ක් හෝ ඊට වැඩි ගානක් සම්පූරණයෙන් විනාශ කරලා තව 10 කට තදබල හානි කරන තියෙනව. මෙවුන් LTTE එකේ හිටපු දරුණුම, ඉතාම ක්රමානුකූල විදිහට පුහුණු කරපු LTTE Commandos ලා. හිතන්න එපා මේ නිකම් ත්රස්තවාදියෝ කියල. මේ ත්රස්තවාදීන් මරපු 14 දෙනා වෙනුවෙන් අවුරුදු 10 ගානේ හිරේ දැම්මත් අවුරුදු 140 කට හිරේ යන්න ඕනේ. යකෝ අල්ලස් ගත්ත ඇහෙම නැත්නම් පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිස්සුත් අවුරුදු පහකට වඩා හිරේ දානවනේ. මේක තනිකරම හිරේ ඉන්න දරුණු ත්රස්තවාදීන් නිදහස් කරන්න කරන කුමන්ත්රණයක්. මේ නඩු ඔක්කොම ආපහු අහන්න ඕනේ අනාගතේ දවසක. ආපහු අහල මේ තරම් දරුණු ත්රස්තවාදීන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

