අනිද්දා යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹෙයි
මෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ.
සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව වැඩමවීම මෙවරත් මාර්ග තුනක් ඔස්සේ සිදු කෙරේ. ඒ අනුව පැල්මඩුල්ල, රත්නපුර, පලාබද්දල හරහා පෙරහරක්ද, අවිස්සාවේල්ල, කිතුල්ගල, හැටන් මාර්ගයෙන් තවත් පෙරහරක් හා පැල්මඩුල්ල , බලන්ගොඩ, පින්නවල, බගවන්තලාව යන මාර්ගයෙන් පස්වන වරටත් ගමන් ගන්නා පෙරහර වශයෙන් පෙරහර තුන ගමන් කිරිම සිදුවේ.
ඒ අනුව උඳුවප් පුන් පොහෝදිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වීම සිදුවේ. මෙම වන්දනා සමයේදී ප්ලාස්ටික්, පොලීතින් ආදී නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී මෙම උතුම් සම්බුද්ධ සිරිපා වන්දනාව බැතිසිතින් සිදුකරන ලෙසත් සම්බුද්ධ ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ බැතිමතුන්ට දැනුම් දෙති.
නිවිතිගල - හසල බුද්ධික

popular news
-
දිනේෂ් කළුබෝවිල Monday, 09 December 2019 12:38 PM
ප්‍රථම වරට කුරුවිට එරත්න මාර්ගය හරහාත් පෙරහැරක් යනව පැල්මඩුල්ල-රත්නපුර කුරුවිට-එරත්න-අඩවිකන්ද
Reply : 0 0
ලසන්න Monday, 09 December 2019 05:21 PM
ඒක ඇත්ත.2019.12.10 දින කුරුවිට එරත්න පාරත් සරසා තියෙනවා දැක්කා.මෙයට කලකට පෙර කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි මැතිනියත් එරත්න පාරෙන් සිරිපා වඳන්න එන්න කියා ප්‍රකාශයක් කරල තිබුනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

