දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මගීන් ප්රවාහනය කරන අතරතුරදී , නීති විරෝධී ලෙසින් , බස් රථ දෙකක් , අධිවේගී මාර්ගයේ අතර මඟ නවතා , එහි රියදුරන් බස්රථ දෙකකට මාරුවීමේ සිද්ධියට සම්බන්ධ රියදුරන් දෙදෙනාට , රුපියල් හතලිස් දහසක දඩයක් ගෙවීමට , මතුගම මහේස්ත්රාත් ධම්මික උඩුව විතාන මහතා නියෝග කළේය .
මෙම පුද්ගලයින් දෙදෙනා , ඉකුත් 22 දා උදෑසන 6.30 කඩවතින් සහ අම්බලන්ගොඩින් බස් රථ දෙක ගමන් ආරම්භ කර තිබූ අතර , කළුතර දොඩංගොඩ ප්රදේශයේ කිලෝමීටර් 37.2 සහ 37.3 කිලෝමීටර් කණු , අතරතුරදී මෙසේ බස්රථ දෙක නවතා , අනාරක්ෂිත ලෙසින් මාර්ගය හරහා ගමන් කොට , බස් රථ දෙකට මාරු වී තිබුණි.
අධිවේගී මාර්ගයේ බස් රථ ගාල් කිරීම හා අධිවේගී මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීම යන චෝදනා යටතේ මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට රුපියල් විසි දහස බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවීමට , කළුතර මහේස්ත්රාත් ධම්මික උඩුව විතාන මහතා නියෝග කළේය .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න