දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද (26දා) අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි.
තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවලක් ,එකම පවුලේ සහෝදර සහෝදරියන් මෙන්ම ආබාධිත පුද්ගලයකු වන බව පොලිසිය කියයි
ගාල්ල සිට කොළඹ දිසාවට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පිටුපසින් ලොරි රථයක් ගැටීමෙන් අනතුරුව එයින් විනාඩි කිහිපයක් ගතවෙද්දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි'
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායකයා මෙන්ම වෑන් රථයේ සිටි පුද්ගලයන් පස් දෙනාම තුවාල ලැබූ බවත් ඔවුන් කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි අය බවත් පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ සියලුම දෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත් අඹු-සැමි යුවළගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී තිබූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සිදු වූ අනතුරින් වෑන් රථය ඉදිරිපසට මෙන්ම ලොරි රථ ඉදිරිපසට සහ මෝටර් රථයේ පසුපස පෙදෙස ට බරපතල අලාභ සිදු වී ඇත. තුවාල ලැබූවන් අම්පෙගම සහ පස්යාල පදිංචිකරුවන් ය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


