Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.
මේ හේතුවෙන්, මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුවට පත්වන අතර, මෙම කාලසීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 මගින් ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත.
