දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් පාසල් සිසුන්ට මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස මුදල් වෙන් කිරීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අටයන දිනය සඳහා අද (01දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සහ එම ගටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම යන කාරණා දෙක තුළම දෝෂ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.