අද සිට කොටහේන මාර්ග ගමනාගමනය වැසේ
- 18 01 2019
- 12:54
- {{hitsCtrl.values.hits}} views
- ..
කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද(18) රාත්රී 10 සිට පැය 5ක් දක්වා වසා දමා තිබේ.
ඒ අනුව මාර්ගය යළි 21 වන දා උදෑසන 5 ට විවෘත වනු ඇත.
ජලනල එලීමක් හේතුවෙන් වාසල හන්දියේ සිට වෝල්ස් ලේන් පාර හන්දිය දක්වා වු මාර්ගය මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
එමෙන්ම අදාළ මාර්ගය ජනවාරී 25 වන දා රාත්රී 10 සිට පෙබරවාරී මස 8 වන දා උදෑසන 5 දක්වා ද වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි.
මෙම මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන සඳහා පොලීසිය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දි ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
