ශ්‍රී ලාකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් උතුරැ, උතුරැ-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත්, උතුරැ, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරැම් සහිත වැසි ඇතිවන බවත්, සබරගමුව පළාත හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරැ අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසද දැනුම් දෙයි.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්හතොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසිද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දෙයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟ ඊසාන දෙසින් හමන බවත්, සුළඟේ වේගය පැ.කි.මී. 25-35 පමණ වන අතර, විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාල්ල සිට හම්බන්තොට, පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකි බවද දැනුම් දෙයි.
ගාල්ල සිට හම්බන්තොට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත්, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.