අද ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති මහින්දාන්ද හෙළි කරයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (20දා) විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට පැමිණීමට නියමිත බවත් අවශ්‍ය වුවහොත් තමාගේ එක් දුරකතන ඇමතුමකින් මන්ත්‍රීවරයාව ආණ්ඩු පක්ෂයට ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන අවස්තාවේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
“නෙල්සන් මන්ත්‍රීතුමා දැන් ඉදගන්න. ඔබතුමා එක වෙලාවකට මස්සිනා කියන දේ අහළ මේ පැත්තේ ඉන්නවා. තව වෙලාවකට අනිත් පැත්තේ ඉන්නවා. අද හවස ඔයා මේ පැත්තට එන්නනේ ඉන්නේ. අද හවස අපිට ඡන්දේ දෙන්නනේ ඉන්නේ. එහෙනම් දැන්ම ඇවිල්ලා ගනුදෙනුව ඉවර කර ගන්න. ඕනි නම් එක කෝල් එකකින් මේ පැත්තට ගන්න පුලුවන් ඔබතුමාව. රොෂාන් මොකද කියන්නේ ගන්නද මෙයාව. රොෂාන් ඇමතිවරයාව හමුවෙලා බුලත් අතක් දීලා සමාව ගන්න.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

