ගතව ගිය සමයේ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණවල ලිපිගොනු යළි විවෘත කොට, එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
"ඒ තුල යටපත් වී තිබූ බොහෝ පරීක්ෂණ නැවත ඉස්මතු කරලා, නිවැරදි, අපක්ෂපාතී, සාධාරණ සහ යුක්ති සහගතව ඒ පරීක්ෂණ පැවැත්වීම ලබාදීමේ ඉඩකඩ මේ වනවිටත් අපි උපදෙස් දීල තියෙනව," ජනාධිපතිවරයා පැවසීය.
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරියට 'නීතියේ ආධිපත්‍යය' පිළිබඳ සම්මානය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය. එම සම්මානයට අදාළ මුදල් ත්‍යාගය 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා, වෙත පිරිනැමීමට නීතිඥ උපුල් ජයසූරිය තීන්දු කොට තිබුණි.යහපාලනයක් ඇතිකිරීමේ දොරටු විවෘත කරලා තියෙනව යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.