අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට විපක්ෂනායකට අවස්ථාව නොදෙයි
ජනාධිපති ලේකම්කාර්යාලය අසළ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වරාය පොලිසිය තුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඒ සඳහා අවසර නොලැබුණි.
මෙහිදී විපක්ෂනායකවරයා පැවැසුවේ අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට විපක්ෂ නායකයාට අවසර නොමැති බවත් එය මොන ප්රජාතන්ත්රවාදය ද? යන්නයි.
රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්රජාතන්ත්රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී විමසීය.
විපක්ෂ නායකවරය පැවසුවේ අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂ නායකයා ලෙස තමන්ට ඇති බවය.
මේ පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන බවත් විපක්ෂනායකවරයා පැවැසීය.

popular news
-
Demuni Uduwara Thursday, 05 August 2021 08:26 PM
We too are not blind but the govt.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

