අතුරු මාර්ග KM ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ
දිවයින පුරා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයෙන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කෙරේ. ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග වලට තදබදයකින් තොරව ඇතුලු විය හැකි ආකාරයට මෙම මාර්ග සංවර්ධනය සිදුකෙරේ. මෙය “ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්තිමය වැඩසටහන් සඳහන් ව්‍යාපෘතියකි. අතුරු මාර්ග වලට පිවිසෙන සියලු අභ්‍යන්තර හා ග්‍රාමීය මාර්ග ද මේ යටතේ සංවර්ධනය කෙරේ.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සංකේතවත් කරමින් මුලින්ම හැඳල මරදාන ප්‍රධාන පාර හා මරදානවත්ත අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. මේ අනුව හැඳල මරදාන ප්‍රධාන පාර හා අතුරු මාර්ග කිලෝමීටර් 3.5ක් කාපට් කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රු. ලක්ෂ 475කි.
මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ යහපාලන ආණ්ඩුව පහුගිය කාලය තුළ රටේ කිසිම සංවර්ධන වැඩක් සිදුනොවූ බවයි. මහින්ද රාජපක්ෂ රජය යටතේ වැඩ බිමක්ව පැවැති රට පහුගිය යහපාලන රජය සමයේ මුඩු බිමක්ව පැවැති බවත් මේ වන විට රට නැවත සංවර්ධනය කරා යොමුවෙමින් තිබෙන බවත් ඔහු කීවේය.

popular news
-
Kumar Tuesday, 25 August 2020 10:52 PM
I hope they complete all this work before the next election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

