අණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි සහයෝගය දෙනවා - මහින්ද
“මේ වනවිට රට බොහොම අගාධයකට යමින් තිබෙන්නේ බැංකු පොළිය වේගයෙන් ඉහළයනවා මේ ආණ්ඩුව ගෙනාවත් හොඳ දෙයක් නම් ගේනනෙ අපි ඒකට සහයෝගය දිය යුතු වුවත් ජනතාවට හානි කර දේවල් ගේනව නම් අපි ඒවට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේය .
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ 26 වනදා සවස අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උස්ත්සවයට එක්වෙමිනි .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා ,
''කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට අපි පහුගිය කාලෙ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. මේ අමාත්‍යංශයේ මම හිටියෙ මාස කීපයයි. නමුත් බොහෝ දෙනෙක් කියනවා අවුරුදු ගණනක වැඩ කළා. අවුරුදු ගණනාවකට සැලසුම් හැදුවා කියලා. හෙට මේ අමාත්‍යංශෙ කවුරු ඇමති වුණත් අපි හදපු සැලැස්ම ක්‍රියාත්මක කළොත් මේ රටට අවශ්‍ය ආහාර ටික මේ රටේම හදාගන්න පුළුවන්. මම වැඩ කළ අමාත්‍යංශ සියල්ලේම කිසිම අවස්ථාවක කිසිවෙක් වැඩවර්ජන කළේ නෑ. සියලුදෙනා සමග මම සහයෝගයෙන් කටයුතු කළා.''
''අපි දේශපාලන වශයෙන් චෝදනා කරන්න නෙවෙයි ඕන. සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕන. අපි අපේ පූර්ණ සහයෝගය අපේ අලුත් ඇමතිතුමාට එම අමාත්‍යංශයට ලබාදෙන්න අපි එකඟතාවය පල කළා. අපිට දේශපාලන මතයෙන් ගිහිල්ලා රට ආපස්සට ගේනන උවමනාවක් නෑ. අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ ඒ වගේ දේවල්. මෙච්චර කාලයක් වෙලා තියෙන්නෙ බලය නැති අය හැමදාම බලය ගන්න මහන්සි වෙනවා. බලය තියෙන අය ඒක දිගටම රඳවා තබාගන්න මහන්සි වෙනවා. ඒ අය ඒ වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ කවුරුවත් රට ගැන හිතලා වැඩ කරනවා කියලා මට නම් පෙනුනෙ නෑ. දැන් හරි අපිට ඕන වෙලා තියෙනවා රට ගැන හිතලා කටයුතු කරන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය .''

popular news
-
Champa Sunday, 27 January 2019 09:30 PM
ඒක නම් පොඩ්ඩක් විතර ඇත්ත කතාවක්. අවුරුදු 3 1/2 කට විතර පස්සේ පොඩීම පොඩි පිබිදීමක් ආව කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ. හැබැයි ඔයාට රස්සාව නැතිවුනේ මහසෝනා මස් කරලා ප්‍රවාහනය කරන්න නීති ලිහිල් කරනවා කිව්වට පස්සේ. වල් ඌර Greek සහ Celtic ජනකතාවලත් ඉන්න සතෙක්. ආයේ රස්සාව හම්බ වුනත් මහසෝනට අත තියන්න එපා හොඳද. ආපහු මාතෘකාවට ගියොත් - දැන් ආණ්ඩුවේ හොඳ වැඩ කිව්වේ මොනවාද? දැන් ජපන්නුන්ට අපේ ඉතා වටින ඛනිජවැලි නිධිය දුන්නේ ඕගොල්ලන්ගේ ... ආණ්ඩුව ඉන්න කාලේද?මේ ... ආණ්ඩුව කාලේද? ඒකත් හොඳ වැඩක්ද? දැන් මත්තලත් දෙනවලු. හැබැයි කාටවත් කරන්න ලැබෙන්නේ නැහැ. මත්තල airport එක relocate කරන්න ඕනේ. මතතල ඉන්දියාවට දෙන එක ජනාධිපතිතුමාට නවත්තන්න පුළුවන්. අනාගතේ රටේ ස්වෛරීභාවයට හානි කරන වරාය නගරය හදන එකත් නවත්තන්න පුළුවන්. ඇමරිකන්කාරයන් මේ දවස් වල trial එකක් කරනවා අනාගත military base එක ලංකාවේ හදන්න. ආරක්ෂක ඇමතිත් වෙච්ච ජනාධිපතිතුමා "ඒ හොඳ වැඩේටත්" රනිල්ට අවසර දුන්නද? නැත්නම් පිටරට සවාරි හින්ද දන්නේ නැත්ද? තව මාස කීයද මේ ආණ්ඩුවට? රටේ ඉතුරු ටිකත් පාවා දෙන්න ඉස්සෙල්ල මේවා නවත්තන්න් පුළුවන් ඕනේ හැටියේ තියෙන බලතල වලින්.
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.