අංජුගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- 1 08 2020
- 16:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් 20ක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමල් ශාමින්ද්‍ර සිල්වා නොහොත් අංජුගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කොළඹ පංචිකාවත්තේදී මෙම අත්අඩංගුව ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අඟුලාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව 2016 වසරේදී පිළියන්දළ ප්‍ර දේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වන බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
