පසුගිය ජනපතිවරණ සමයේදී සියයට 5ක ඡන්ද ප්‍රතිශතකයට අඟරදගුරු හිමියන් බලපෑමක් කළ බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
මැදිරිගිරයේ පැවැති මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“සජිත් මහත්තයට ලක්ෂ සියයට 42යි. ගෝඨාභය මහත්තයට සියයට 52යි. මෙතන වෙනස සියයට 10යි. ගෝඨාභය මහත්තයාගේ ගොඩෙන් සියයට 5ක් සජිත් මහත්තයට වැටුණනම් සියයට 47යි දෙන්නටම.
එතකොට දෙවැනි මනාපයට. දෙවැනි මනාපයේදී ජේවීපී එකේ ලක්ෂ තුන හමාරකට වඩා ගහලා තිබ්බේ සජිත් මහත්තයට. කවුද මේ සියයට පහ වෙනස් කළේ. කතෝලික ඡන්දවලින් සියයට 85ක් දාන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට.
එතනට දුන්නා ෂොට් එක. ඒකට ගියා අපේ අගරදගුරු හිමිපාණන් ගාවට. එයා දුන්නා මරු දේශාපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නෑ. මටත් කතෝලික සම්භවයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික.
අගරදගුරු තනිකර දේශපානය කිරීම ගැන මට හිරිකිතයක් තිබෙනවා. එයා කිව්වා ඇමතිපුතා බේරුණා අපේ ජනතාව මැරුණා කියලා. මම දවසක් එයාට කෝල් කළා. ඒ තමයි සියයට 5 ගේම ඇතුළේ හිටපු මිනිස්සු. අද මොකද වුණේ ස්වාභාව ධර්මය කම්පා වෙලා තියෙන්නේ. “