අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදි හෙට (22) දහවල් පැවැත්වේ.
පාර්ලිමේන්තුවේ අග්රාමාත්ය කාර්යාලයේදි හෙට දහවල් 12ට පැවැත්වෙන මෙම සාකච්ජාවට සහභාගි වන ලෙස අග්රාමාත්ය කාර්යාලය ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද දැනුම් දුන්නේය.