ශ්රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්රීවරුන් ලියාපදිංචිවීම මෙවර අන්තර්ජාලය හරහා සිදුවන අතර එහිදි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ලියාපදිංචී වී ඇතැයි ශ්රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.
කොවිඩ් 19 හේතුවෙන් පවතින තත්තවය අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලියාපදිංචිවීම මෙවර ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට අන්තර්ජාලය හරහා සිදුකරයි.
ඒ අනුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම තම පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.
