අගමැතිවරු දෙදෙනෙක් ගැන වෙල්ගමගේ අනාවැකිය
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මේ රටේ නම ගිය අගමැතිවරුන් දෙදෙනෙකුටම දේශපාලන වේදිකාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවෙනවා සිකුරුයි යැයි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ (15දා) පස්වරුවේ අලුත්ගම පැවති ක්‍රියාකාරී හමුවකදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා, "මහින්ද රාජපක්ෂ මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් හොඳ යාළුවෝ. ඒ වගේම දෙන්නම අගමැති ලෙසත් කටයුතු කළා. මේ දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. මොන දේශපාලන පක්ෂයක හිටියත්, මොන තනතුරක හිටියත් කවදාවත් දෙන්නට දෙන්නා හානි කරන්නේ නෑ. මේ දෙන්නා ගැන මම හොඳට දන්නවා.
කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් මහ බැංකුව කඩපු ලොකුම ලොකු හොරාට මහින්ද රාජපක්ෂලා දඬුවම් කරයි කියලා ඒක දවල් හීනයක් විතරයි. රනිල් මහත්තයත් එහෙම තමයි. එයා පිට අයට පේන්න මොනවා කිව්වත්, මහින්ද මහත්තයාගෙ මයිල් ගහක්වත් රිදවන්නේ නැහැ. මේ දෙන්නගේ හොඳම දේශපාලන ඩීල් එක මේ මැතිවරණයෙන් පස්සෙ බලාගන්න පුළුවන්.
මේක අද ඊයේ තියෙන ඩීල් එකක් නෙවෙයි. ඉස්සර ඉඳලම තිබුණ එකක්. මතකයිනේ සිරිකොත ඉදිරිපිට කාපට් කරල දුන්නා. රනිල් මහත්තයා මහින්ද මහත්තයා ආරක්ෂා කළා. මහින්ද මහත්තයා රනිල් මහත්තයා ආරක්ෂා කළා. ඡන්දෙන් පස්සෙ මේ දෙන්නටම සිදුවන්නේ තම තමන්ගේ මහ ගෙවල්වලට ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්නයි." යැයි සඳහන් කළේය.
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා
popular news
-
Kumarasiri Ranaweera Friday, 17 July 2020 08:29 AM
Both are trying to hoodwink the public.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
