අගමැතිගේ ජයග්‍රහණය ගැන බීජිනය සතුටින්
ශ්‍රී ලංකාවට චීනය ලබාදෙන සහාය පිළිබඳව විශ්වාසය තබා ගන්නා ලෙසත් මහ මැතිවරණයේදි අග්‍රාමාත්‍යවරයා ලැබූ ජයග්‍රහණය පිළිබඳව බීජිනය සතුට වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හු වෙයි මහතා සෙනසුරාදා (08) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අරලිය ගහ මන්දිරයේදී හමුවිය.
නිමා වූ මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ (සීපීසී) සුබ පැතුම් පණිවිඩය වැඩබලන තානාපතිවරයා අගමැතිවරයාට ඉදිරිපත් කළේය.
චීන-ශ්‍රී ලංකා සබඳතා පොදු පදනමක් යටතේ නව ආකාරයකින් වර්ධනය කර ගැනීමට පක්ෂ-පක්ෂ-සබඳතා ගොඩනඟා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගීතාව ගැඹුරු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙයි.
මෙම පණිවිඩය ප්‍රකාශ කරමින් තානාපති හූ වෙයි මහතා සඳහන් අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය පිළිබඳ බීජිනය සතුටට පත්වෙන බවත් පත්වූ රජය ඉතිහාසයේ ශක්තිමත්ම රජය වන බවයි.
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව වරාය නගරයේ වැඩ කඩිනම් කරන ලෙසත් පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පිංගේ “හොඳ සහ පැරණි මිතුරෙකු” බව පැවැසූ හූ වෙයි මහතා චීනයේ සහයෝගය කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙසත් පැවැසීය.
popular news
-
Demuni Uduwara Sunday, 09 August 2020 12:28 AM
Sri Lanka will be compelled to become Chinese colony momentarily.
Reply : 0 0
hasitha sedara Sunday, 09 August 2020 10:20 AM
ehenam dupathama ekata ma liya ganivi wageyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

